නව පක්ෂයක් ගැන මහින්දගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Wednesday, 02 March 2016 - 7:31

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත්පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවක්, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ, බත්තරමුල්ල - නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ කාර්යාලයේදියි.

මෙම සාකච්ඡාව සඳහා පළාත්පාලන ආයතන නියෝජිතයින්ට අමතරව හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව තිබෙනවා.

මෙහිදී නව පක්ෂයක් හෝ සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.