ජනාධිපති ධුර අපේක්ෂකත්ව ඡන්ද විමසීම උණුසුම්

Wednesday, 02 March 2016 - 9:11

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඇමරිකාවේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ප්‍රාන්ත 11ක පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රාන්ත 4ක ජය තහවුරු කරගෙන ඇති බව විචාරකයින් පවසනවා.

ඒ අනුව මෙම පක්ෂ දෙකේ අපේක්ෂකයන් අතර පැවැත්වෙන තරගයේදී ඇලබාමා, ජෝර්ජියා, ටෙනසි සහ වර්ජිනියා ප්‍රාන්තවල ජය මොවුන් හිමිකරගනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සී.එන්.එන්. නවතම සමීක්ෂණයට අනුව රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනේදී කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට 49ක ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති අතර ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියාට පවතින්නේ සියයට 16ක සහයෝගීතාවක්.