අනවසර මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 02 March 2016 - 10:46

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි වතු කම්කරුවන් 7 දෙනෙකු බගවන්තලාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පිරිස බගවන්තලාව - කැම්පියන් ඕල්ඞ් වතුයායේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමුව ඔය ගලා බසින්නේ මහඑළිය රක්ෂිතයෙන්.

මෙම අනවසර මැණික් ගැරීම් හේතුවෙන් රක්ෂිතයේ ජල මූලාශ්‍ර සිඳීගොස් කෙසෙල්ගමුව ඔයේ ජල මට්ටම ද අඩුවී ඇති බවයිි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.