මවත් දියණියත් ගංජා සමඟ දැලේ

Wednesday, 02 March 2016 - 11:30

%E0%B6%B8%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F++%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි මවක සහ දියණියක අම්බලන්තොට - වලව්වත්ත ප්‍රදේශයේදී තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් උපාය දූතයෙකු යොදවා සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි කාන්තාවක් සහ 41 හැවිරිදි ඇගේ දියණියයි.

මීට පෙර අවස්ථා 12කදී 59 හැවිරිදි කාන්තාව ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.