17 වනදා ඒකාබද්ධ විපක්ෂය පාරට

Wednesday, 02 March 2016 - 13:19

17+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7
තාජුඩීන් ඝාතන පරීක්ෂණය නාටකයන් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට සහ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපවලට විරෝධය පළ කරමින් ලබන 17 වනදා කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ පිලිබඳව සිදුකෙරෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව පුරවැසිබලය සංවිධානය ප්‍රකාශ කළා.

එහි සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.