ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට

Wednesday, 02 March 2016 - 13:20

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
වී අලෙවි මණ්ඩල පනත  බලාත්මක කරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගොවි ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී ගොවීන් සමඟ එක්ව අමාත්‍යාංශ වටලන බවයි පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න තවදුරටත් කියා සිටියේ.