දික්පිටියේ රිය අනතුරින් තුවාල ලැබූ අයෙකු මරුට.

Wednesday, 02 March 2016 - 13:38

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
රත්නපුර - පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ දික්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට මඩොල්සිම දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ බලංගොඩ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ ගල් පැටවූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුවුණේ අද අලුයම් කාලයේදීයි.

ඉන් 11 දෙනෙකු තුවාල ලැබූ අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ 31 හැවිරිදි නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.