වවුනියාව හිටපු DIG යළි රිමාන්ඩ්

Wednesday, 02 March 2016 - 15:31

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+DIG+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වවුනියාව - කුඩාකච්චකුඩිය ප්‍රදේශයේදී නිධන් හෑරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටින වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති U K දිසානායක මාර්තු 9 වනදා දක්වා අද යළි  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ වවුනියාව මහේස්ත්‍රාත් එම් එල් ඒ මනාෆ් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.