වාස් ගුණවර්ධනගේ බිරිඳත් රිමාන්ඩ්

Wednesday, 02 March 2016 - 17:03

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මේ මස 16 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, නියෝගයක් මත අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.

නීතිවිරෝධී සහ පීඩාකාරී අවි ආයුධ ළඟ තබාගැනීම මෙන්ම ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන  ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම ලබා දුන්නේ පසුගිය වසරේ නොවැම්බර් 27 වනදායි.