ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

Wednesday, 02 March 2016 - 18:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ නිරිතදිග වෙරළ තීරයට ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි කම්පනය රික්ටර් මාපක ඒකක 7.9 ක් ලෙසටයි සටහන් වී ඇත්තේ.

අමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කලේ පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරකින් මෙම භූ චලනය හටගෙන ඇති බවයි.

භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

කම්පනයත් සමග ඉන්දුනීසියානු ජනතාව දැඩි කලබලයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

භූ කම්පනයෙන් පසු නිරතදිග වෙරළ තීරයට සුනාමි අවධානමක් ද නිකුත්කර ඇතැයි සඳහන්.

2014 වසරේදී ඉන්දුනීසියාවේ සිදුවු භූ චලනයකින් පුද්ගලයන් දෙලක්ෂ තිස් දහසකට ජීවිත අහිමිවුනා.

මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ මෙම භූ කම්පනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි.