ශ්‍රීපාද වන්දනාකරුවන් පරිසරයට හානි කරන බවට චෝදනා

Thursday, 03 March 2016 - 9:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ගතවූ මාසයක කාලය තුළ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් නල්ලතන්නියේ සිට ශ්‍රීීපාද මළුව දක්වා කොටසේ ප්ලාස්ටික් වතුර බෝතල් 50000 කට අධික සංඛ්‍යාවක් පරිසරයට බැහැර කර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාව පවසනවා.

එම ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය කාර්යාලයේ සිවිල් පරිපාලක ඒ.ඩබ්ලිව්. හේමන්ත කියා සිටියේ එලෙස පරිසරයට එක් කළ ප්ලාස්ටික් වතුර බෝතල්වලින් විශාල ප්‍රමාණයක් මේ වනවිට නල්ලතන්නිය ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථානයට ගෙනවිත් ඇති බවයි.

ඉතිරි ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණයද ලබන 6 වනදා වනවිට නල්ලතන්නිය වෙත රැගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.