දෙවි පිහිට සෙවු දැරිය නොමග යවයි

Thursday, 03 March 2016 - 11:07

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92
12 හැවිරිදි දැරියක් දුෂණය කල පුජකවරයකුට ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත අධිකරණයක් විසින් වසර 40 ක සිර දඩුවමක් නියමකර තිබෙනවා.

සිය දේවස්ථානය තුලදී සැකකාර පුජකවරයා වරින් වර දැරිය දුෂණය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

2014 වසරේ මාස දෙකක් තුලදී අවස්ථා කිහිපයකදී සැකකරු මේවන විට 13 හැවිරිදි වියෙහි පසුවන දැරිය දුෂණය කර ඇතැයි අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම කාලසීමාව තුලදීම සැකකාර පුජකවරයා විසින් තවත් දැරියක් දුෂණ කර ඇතැයි තොරතුරු පවතින අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශණ සිදු කෙරෙන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

වින්දිත දැරියට ඉන්දීය රුපියල් විසිදහසක දඩයක් ගෙවන ලෙසට ද සැකකරුට නියෝග කර තිබෙනවා.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ 2014 වසර තුලදී පමණක් ඉන්දියාවේ ළමුන් දහ අට දහසක් ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇති බවයි.