උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානම්

Friday, 04 March 2016 - 7:42

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තම රටේ න්‍යෂ්ටික අවි  ඕනෑම අවස්ථාවක පාවිච්චි කිරීම සඳහා සූදානම් කර තබන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් එරට හමුදාව වෙත නියෝග කර තිබෙනවා.  

ඕනෑම අවස්ථාවක එල්ල විය හැකි ප්‍රහාරයකට මුහුණදීම සඳහා එලෙස න්‍යෂ්ටික අවිවල තත්ත්වය වෙනස් කළ යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම සහ මිසයිල ගුවන් ගත කිරීම් හේතුවෙන් එරටට එරෙහිව ජගත් සංවිධානය දැඩි සම්බාධක පැනවීමත් සමඟ ඔහු මෙම ප්‍රකාශය සිදුකිරීම විශේෂත්වයක්.

උතුරු කොරියාව ඊයේ දිනයේදී තවත් කෙටිදුර මිසයිල 6 ක් ගුවන් ගත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

උතුරු කොරියානු හමුදා නායකයන් අමතමින් එරට නායක කිම් කිම් ජොං අන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානුවන් අනෙකුත් රටවල් සහ ජනතාවට විනාශය ගෙනෙන යුදබිය ඇති කරන මොහොතක රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික අවි ශක්තිය ඉහළ නැංවිය යුතු බවයි.

කෙසේ නමුත්, මෙවැනි ප්‍රකෝපකාරි ප්‍රකාශ සිදුනොකර ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුව කටයුතු කරන ලෙස ඇමරිකානු පෙන්ටගනය උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළා.

2006 වසරේ සිට උතුරු කොරියාව මේ වනවිට න්‍යෂ්ටික අත්හදා බැලීම් 4 ක් සිදුකර තිබෙනවා.