තොරතුරු දැන ගැනීමේ පනත 8 පාර්ලිමේන්තුවට

Friday, 04 March 2016 - 8:28

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

ඊයේ (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ එය ඓතිහාසික පනත් කෙටුම්පතක් වනු ඇති බවයි.

මේ අතර, පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්කාරි වාතාවරණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වලට බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය අවශේෂ මගින් දැඩි බලපෑමකට ලක්වුණා.

බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ දිවිපැවැත්මට සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම ඔටාවා සම්මුතිය නම් වූ පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය මගින් සැලසෙන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.