අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානයේ කොටස් අප්‍රිකාවේ

Friday, 04 March 2016 - 10:52

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
නැගෙනහිර අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයේ වෙරළින් හමුවූ ගුවන් යානා කොටස් මීට වසර දෙකකට පමණ පෙර අතුරුදන් වූ එම්.එච්.370 ගුවන් යානයේදැයි පරීක්ෂාවට ලක් කෙරෙනවා.

එම ගුවන් යානා කොටස් පරීක්ෂා කිරීම සඳහා මලයාසියානු සහ  ඕස්ට්‍රේලියානු තාක්ෂණික කණ්ඩායමක් එක්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ගුවන් යානා කොටස්වල ඡායාරූපවලින් ඒවා අතුරුදන්වූ බෝයිං 777 යානය බවට විශ්වාස කළ හැකියැයි මලයාසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ මලයාසියාවේ - ක්වාලාලාම්පූර් සිට චීනයේ - බීජිං බලා ගමන් ගත් එම්.එච්.370 ගුවන් යානය අතුරුදන්වූයේ 2014 වසරේ මාර්තු 8 වනදායි.