දකුණු කොරියාව අමෙරිකාවෙන් තාඩ් ඉල්ලයි

Friday, 04 March 2016 - 11:14

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාවෙන් අඛන්ඩව එල්ල වන තර්ජන හේතුවෙන් අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඇමරිකාවෙන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කර ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කළා.

එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අදාළ ආරක්ෂණ පද්ධතිය සවිකරන ස්ථාන, කාලය සහ වැය වන මුදල පිළිබඳව මූලික සාකච්ඡාවලදී අවධානය යොමුවන බවයි.

තාඞ් හෙවත් ඉදිරියට පැමිණෙන මිසයිලය උණුසුම අනුව හඹාගොස් ගුවනේදීම විනාශ කරන  ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාව මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

එය ඇමරිකාව විසින් ගල්ෆ් යුද්ධයේදී සාර්ථක ලෙස අත්හදා බැලූ පද්ධතියක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.