ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වෙනුවට නව ත්‍රස්ත මර්දන පණතක්

Friday, 04 March 2016 - 12:47

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AB%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ජිනීවා නුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාවන්හි පාලන මණ්ඩලයේ 20 වන සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ වෙනුවට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව නීති හදුන්වාදීමට කටයුතු කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීපව කටයුතු කරන අතර ජගත් සංවිධානය සහ අනෙකුත් සාම්ප්‍රදායික මිතුරන් සමග පළුඳු වී පැවති සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ නව ගමන් මග සදහා ජාත්‍යන්තර ප්‍රජාවේ සියලූ මිතුරන්ගේ සහාය අවශ්‍ය වනවා. මෙරට සම්ප්‍රදායන් රැක ගනිමින් ලෝකයට විවෘත වීමට ශ්‍රී ලංකාව සූදානම්.

නැගෙනහිර සහ බටහිර යාකෙරෙන වැදගත් භූ ගෝලීය පිහිටීමක් සහිත ශ්‍රී ලංකාවේ ජන සමාජය සැමවිටම බාහිර ලෝකයේ අදහස් වලින් සාරවත් වීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සදහන් කළේ.

තිරසාර ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වා ගැනීම දුෂ්කර කටයුත්තක් වන අතර, ජනතාවගේ තෘප්තිය එහි සැබෑ හරය බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.