ජා ඇල මහ දවල් මුදල් කොල්ලයක්

Friday, 04 March 2016 - 13:33

%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජා ඇල නගරයේ මුල්‍ය ආයතනයක අයකැමිවරයාට තියුණු ආයුධයකින් පහරදී රුපියල් ලක්ෂ 15 ක මුදලක් රැගෙන පුද්ගලයන් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.

අයකැමිවරයා විසින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවීම් කටයුත්තකට පිටතට රැගෙන යාමට වාහන අංගනයේ තිබු වාහනයක් වෙත යමින් සිටියදීයි මුදල් පැහැර ගැනීමට ලක්වී ඇත්තේ.

මුදල් අයකැමිවරයාගේ අතට සැකකරුවන් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

මුදල් කොල්ලකා එම සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ජා ඇල පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.