වකුගඩු ජාවාරම ගැන තොරතුරු හෙළිවන ලකුණු

Friday, 04 March 2016 - 15:04

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 8 දෙනා, වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට හෙළිවේ

වීසා නොමැතිව මෙරට රැදී සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 8 දෙනා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු බවට පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක රැදී සිටියදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව කිසිදු වීසා බලපත්‍රයක් නොමැති බවයි හෙළි වී ඇත්තේ.

පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම ඉන්දීය ජාතිකයින් 6 දෙනා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු බවට පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් බවයි.

මේ අතර, ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අද හැව්ලොක් ටවුන් - පාමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් දෙදෙනාට ද කිසිදු වීසා බලපත්‍රයක් නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන තැරැව්කාර පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන්ගේ සිරුරුවල කැපුම් තුවාල ද පවතින බවයි.

ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහාය ලබා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම ඉන්දීය ජාතිකයින් 6 දෙනා මිරිහානේ පිහිටි විශේෂ රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ද  පියවර ගන්නා බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
 
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වකුගඩු ජාවාරමක් සිදුව ඇති බවට පළමුවරට ඉන්දීය මාධ්‍ය වාර්තා කරුණු වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනෙකු ඊට සම්බන්ධ බවට ද කරුණු වාර්තා වුණා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පංච පුද්ගල කමිටුවක් ද පත් කළ අතර එමගින් ලබාදුන් වාර්තාවට අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු භාර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.