ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තවත් ප්‍රතිවාදියෙක් සටනින් ඉවතට

Saturday, 05 March 2016 - 8:19

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝග කළ තවත් අපේක්ෂකයෙකු ඊයේ සිය ඡන්ද ව්‍යාපාරය නිළ වශයෙන් අවසන් කළා.

ඔහු ඇමරිකාවේ ප්‍රථම සැබෑ අප්‍රිකානු සම්භවයක් සහිත ජනාධිපතිවරයා වීමට සිහින මැවූ බෙන් කාසන්.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා වූ සිය මැතිවරණ ව්‍යාපාරයේදී බෙන් කාසන් කියා සිටියේ ජනාධිපති බැරක් ඔබාමාගේ මව ඇමරිකානු කාන්තාවක බැවින් ඔහු සැබෑ අප්‍රිකානු සම්භවයක් සහිත ජනාධිපතිවරයෙකු නොවන බවයි.

සිය අපේක්ෂකත්වය සඳහා මුල් අවධියේදී ඉදිරියෙන් සිටි බෙන් කාසන් පසුගිය ප්‍රාන්ත මට්ටමේ ඡන්ද විමසීම්වලදී දැඩි පසුබෑමකට ලක්වුණා.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා මේ වන විට ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින අතර ටෙඞ් කෲස් සහ මාකෝ රූබියෝ තවදුරටත් ඔහුට අභියෝග කරන ප්‍රතිවාදීන්.

හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයෙකු වූ ජෙබ් බුෂ් ද, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සාර්ථකත්වය හමුවේ මීට පෙර ඡන්ද සටනින් ඉවත් වුණා.