9 හැවිරිදි දැරියගේ විවාහය පොලීසිය වළකයි

Saturday, 05 March 2016 - 8:57

9+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
පවුල් ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා 9 හැවිරිදි දැරියක් අනෙක් පවුලේ 14 හැවිරිදි ළමයෙකුට විවාහ කර දීමට පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ගම්වාසීන් පිරිසක් දැරූ උත්සාහය එරට පොලීසිය මගින් ව්‍යර්ථ කර තිබෙනවා.

මෙම දැරියගේ වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ පසුගිය දා රෝගාතුරව මිය ගොස් ඇති බව සදහන්.

එය මිනී මැරුමක් ලෙස හැදින්වූ බිරිඳගේ පාර්ශවය ඊට හිලව් වශයෙන් මෙම දැරිය ඇගේ ඥාති සොහොයුරෙකුට විවාහ කර දිය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, පන්ජාබ් පොලීසිය මැදිහත් වී මෙම විවාහය නතර කර ඇති අතර, පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා. පාකිස්තානයේ දැරියන්ගෙන් සියයට 3ක් අවුරුදු 15 එළඹීමට පෙර විවාහ වන අතර සියයට 21ක් අවුරුදු 18ට පෙර විවාහ වන බවයි යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙන්නේ.