ස්පේස් එක්ස් රොකට්ටුව විනාශ වෙයි

Saturday, 05 March 2016 - 9:09

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සන්නිවේදන චන්ද්‍රිකාවක් උඩු ගුවනේ කක්ෂගත කොට නැවත පෘථිවිය වෙත පැමිණි ඇමරිකානු ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් රොකට්ටුව මුහුද මත ගොඩබෑමේ ප්‍රයත්නය ඊයේ අසාර්ථක වුනා.

එම රොකට්ටුවේ නැවත භාවිත කළ හැකි කොටසයි මෙලෙස මුහුද මතුපිට ගොඩබෑමට සැලසුම් කර තිබුණේ.

එහෙත් එය පෘථිවිය මතට පැමිණි වේගය සීමාව ඉක්ම වූ බැවින් පොළොව මතට වැටී විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මෙලෙස අසාර්ථක වූයේ නැවත නැවතත් භාවිත කළ හැකි රොකට්ටුවක් සංවර්ධනය කිරීම සඳහා ස්පේස් එක්ස් ආයතනය දැරූ තුන්වන උත්සාහයයි.