දේශීය පරීක්ෂණය ගැන ජගත් සංවිධානය සහතිකයක් ඉල්ලයි

Saturday, 05 March 2016 - 13:13

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ යුද්ධයට අදාළ සිද්ධීන් පිළිබඳව යහපත් චේතනාවෙන් සැබෑ පරීක්ෂණයක් පැවැත්වීම සහතික කරලීම තම අපේක්ෂාව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශක ෆර්හාන් හක් මේ බව කියා සිටියේ නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.

විශේෂයෙන් යුද්ධයේ අවසන් සමයේ සැබෑ වශයෙන්ම සිදුවූයේ කුමක් ද යන්න සොයා බැලීම සඳහා ජගත් සංවිධානය විසින් ලක් රජය දිරි ගන්වන බවත් ඔහු කියා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලක් රජය අදාළ පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රයත්නයක නිරත වනවා.

එම පරීක්ෂණ ක්‍රියාවලිය අවංක චේතනාවෙන් සැබෑ ලෙස සිදුකරනු දැකීම ජගත් සංවිධානයේ අරමුණයි.

ඒ සඳහා සහාය වන ජගත් සංවිධානය ලක් රජය දිරිගන්වන බවත්, මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.