රජය මාධ්‍ය දඩයමක

Sunday, 06 March 2016 - 7:23

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A
වැඩිම අලෙවියක් සහිත විපක්ෂ පුවත්පත තුර්කි රජයට පවරා ගැනීමත් සමඟ එරට මාධ්‍ය නිදහසට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වනවා.

මෙම පුවත්පත අධිකරණ නියෝගයකින් රජයට පවරා ගැනීම සිදුවූ බවයි තුර්කි අග්‍රාමාත්‍ය අහමඞ් ඩව්ටොග්ලූ ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, මෙම පුවත්පත ජනාධිපති එර්ඩෝගන්ගේ රජය පෙරලා දැමීමේ ත්‍රස්ත කල්ලියක් ලෙස කටයුතු කරන බවට ආණ්ඩුව දිගින් දිගටම චෝදනා කළා.

රජයට පවරා ගත් පුවත්පත් කාර්යාලය ආරක්ෂක අංශ භාරයට ගැනීමට පෙර සමාන් පුවත්පතේ අවසන් පිටපත මුද්‍රණය කිරීමට එහි කාර්ය මණ්ඩලය සමත් වුණා. එහි දැක්වෙන්නේ දැන් තුර්කි ඉතිහාසයේ අඳුරුතම යුගය උදාවී ඇති බවයි.

ආරක්ෂක අංශ පුවත්පත් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ විරෝධතාකරුවන් ඔවුන්ට ඊට ඇතුළුවීමට ඉඩ දී නොමැති අතර පසුව කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කොට විරෝධතාකරුවන් පළවා හැර තිබෙනවා.

තුර්කිය මෙලෙස මාධ්‍ය මර්දනයක නිරත වුව ද එරටට එරෙහිව යුරෝපා සංගමයෙන් දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඒ යුරෝපයේ සංක්‍රමණික අර්බුදයට විසඳුම් සෙවීමේදී ඔවුන්ට තුර්කියේ සහය අවශ්‍ය වන නිසයි.