හිලරි, ට්‍රම්ප්, පසු බසී

Sunday, 06 March 2016 - 9:16

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%2C+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
ඊයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ධුර ඡන්ද විමසීම්වලදී එම සටනේ ඉදිරියෙන් සිටින රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පසුබෑමකට ලක්වී තිබෙනවා.

කැන්සස් සහ මේන් ඡන්ද විමසම්වලදී කෝටිපති ඇමරිකානු ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් පරදවා ටෙඞ් කෲස් ජයග්‍රහණය කළා.

කැන්සස් සහ නෙබර්ස්කා ඡන්ද විමසීම්වලදී ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරදවා බර්නි සැන්ඩර්ස් ජයග්‍රහණය හිමිකර ගත්තා.