මෙරට මුහුුදු තීරය ආක්‍රමණය කළ තවත් ඉන්දීය ධීවරයන් 29 ක් අත්අඩංගුවට

Sunday, 06 March 2016 - 13:36

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+29+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවලදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ඊයේ මෙම ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙහිදී ටෝලර් යාත්‍රාවක් සහ කුඩා බෝට්ටු තුනක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි  නාවික හමුදාව සඳහන් කළේ.