පාතාලය මඩින්න STF සහය

Monday, 07 March 2016 - 7:21

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+STF+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
පොලිස් ස්ථානවල පිහිටුවා තිබූ රහස් තොරතුරු රැස් කරන බුද්ධි අංශ ඒකක වහාම යළි ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාට ඊයේ නියෝග කර තිබෙනවා.

පාතාලය පිළිබඳවත් ව්‍යාජ ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සම්බන්ධයෙනුත් ඔත්තු ලබාගැනීම සඳහා පොලිස් ස්ථාන මට්ටමින් ඇති කර තිබූ බුද්ධි අංශ ඒකක ස්ථාපිත කර තිබුණත් ඒවා පසුගිය පාලන සමයේ ක්‍රියාකාරී මට්ටමේ පැවතියේ නැහැ.

ඒවායේ බලතල ත්‍රස්ත විමර්ශන අංශයට ත්‍රිවිධ හමුදා බුද්ධි අංශයට සහ රාජ්‍ය බුද්ධි අංශයට පැවරීමටයි කටයුතු කර තිබුණේ.

මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යාම නිසා ගම් මට්ටමින් සිදු කෙරෙන ඝාතන ව්‍යාජ ජාවාරම් සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදී ඇති වාර්තාවේ දැක්වෙනවා.

ඒ සියල්ල සැළකිල්ලට ගනිමින් රහස් තොරතුරු ලබා ගැනෙන බුද්ධි ඒකක සියලූම පොලිස් ස්ථානවල යළි ඇරඹීමට රජය තීරණය කර ඇත්තේ.

මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පොලීසියට උපදෙස් ලබාදී ඇත්තේ පාතාලය ඇතුලූ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සහයද ලබාගන්නා ලෙසයි.