ජනපති ඉදිරියේ, මහින්ද යලි ජනපති කරයි ?

Monday, 07 March 2016 - 16:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%3F
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති වස විස නැති රටක් ජාතික පොළ සහ වෙළෙඳ ප්‍රදර්ශනයට අද දිනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූවා.

උත්සවයට පැමිණි පිරිස පිළිගනිමින් සභාව ඇමතූ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න මහතා විසින් ජනාධිපති ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශ කළා.

පසුව තමන් අතින් සිදු වූ අතපසු වීම පිළිබඳව ඒ මහතා ජනපති ඇතුළු පැමිණි සිටි සැමගෙන් සමාව අයැද සිටියා.