ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් 150ක් මරුට

Tuesday, 08 March 2016 - 7:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+150%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සෝමාලියාවේ අල්ශබාබ් ඉලක්ක වෙත ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 150 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇමරිකානු පෙන්ටගනය ප්‍රකාශ කළේ අල්ශබාබ් ත්‍රස්ත කඳවුරක් මෙහිදී ඉලක්ක කර ගැනුණු අතර මිය ගිය සියල්ලන් එහි සන්නද්ධ සාමාජිකයන් බවයි.

මොගඩිෂු අගනුවරට සැතපුම් 120ක් පමණ උතුරෙන් පිහිටි රාසෝ ප්‍රදේශයේ පිහිටි මෙම කඳවුරට එල්ල කළ ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන් යානා මෙන්ම නියමුවන් සහිත යානා ද යොදා ගෙන ඇති බව සදහන්.

මෙම කඳවුර සෝමාලියාව තුළ ක්‍රියාත්මක අප්‍රිකානු සංගමයේ හමුදාවලට සහ ඇමරිකානු හමුදාවලට තර්ජනයක් බවයි පෙන්ටගනය ප්‍රකාශ කළේ.

අල්ශබාබ්, සෝමාලියාව කේන්ද්‍ර කොටගත් අල්කයිඩා සංවිධානයට සම්බන්ධ අප්‍රිකානු ත්‍රස්ත සංවිධානයක්.