කාන්තාව සමාජයේ දියුණුව පිළිබඳ සමීපතම කැඩපතයි

Tuesday, 08 March 2016 - 7:47

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
යම් සමාජයක වෙසෙන කාන්තාවන්ට ලබාදෙන පිළිගැනීම, එම සමාජයේ දියුණුව පිළිබඳ සමීපතම කැඩපත බව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කාන්තාව ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ද සවිබල ගැන්විය හැක්කේ සුරක්ෂිත රැකියා ඉලක්ක කර ගත් දියුණු අධ්‍යාපන හා වෘත්තීය නිපුණත්වයක් ඔවුන් වෙත ලබාදීමෙන් බවයි ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.

මේ අතර, සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ කාන්තාවන්ට නිසි ගෞරවය, රැකවරණය, ඇගයීම, ආදරය ලබාදෙමින් ඇය ප්‍රගතිශීලී සමාජ ගමනට සහභාගි කරවා ගැනීම සමස්ත සමාජයේ වගකීම බවයි.

එමෙන්ම කාන්තාවටත්, පොදුවේ සමස්ත ජනතාවටත් ගෞරවනීයව, සුරක්ෂිතව නිදහස් මනසකින් දිවි ගෙවිය හැකි සමාජ ආර්ථික වටපිටාවක් නිර්මාණය කරදීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර ඇත්තේ.

මේ අතර අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති කාන්තා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.