මවට ඇති සෙනෙහසින්, විවාහය එපා කී දරුවන් 4දෙනා (ඡායාරූප)

Tuesday, 08 March 2016 - 7:02

%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කාන්තාවට හිමි නිසි තැන ලැබිය යුතු බව ලොවට ප්‍රකාශ වන ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

මවක්, බිරිඳක්, දියණියක්, සහෝදරියක්, තනි වූ අසරණ වූ පුවත් අපට සම දිනකම අහන්න දකින්න ලැබෙනවා.

මෙවැනි වකවානුවක දරුවන් 4 දෙනෙකු විවාහ නොවී තම මව රැක බලා ගන්නා පුවතක් අපට වාර්තා වුනා.

ගාල්ල බද්දෙගම සන්දරවල පදිංචි 66හැවිරිදි සුමනාවතී, 62හැවිරිදි ප්‍රේමදාස, 58හැවිරිදි සිරිපාල, 53හැවිරිදි කුසුමාවතී,  යන දරුවන් සිවු දෙන විසින් 91හැවිරිදි බෙන්තර පතිරගේ ඇග්නස් වන තම ඉතාමත් ආදරයෙන් රැක බල ගන්නවා.

ඔවුන් ප්‍රකාශ කළේ විවාහ වූවා නම් මෙසේ තම මවට ඇප උපස්ථාන කිරීමට නොහැකි වන බැවින් කිසිවෙකු විවාහ නොවීමට අදිටන් කරගත් බවයි.

වයසින් වැඩි වුවත් ස්ථිර රැකියාවක් කිසිවෙකුටත් නැතත් ඔවුන් තම මව හොඳින් රැකබලා ගන්නේ සියලු දුක් කම්කටොලු විඳ ගනිමින්.

සියල්ල හැර දමා වටිනාකම් සොයා හැල්මේ දුවන වත්මන් පරපුරේ දුවලාට, පුතාලට, මේ දරුවන් සිවු දෙනා පවසන්නේ සියල්ලට වඩා තමන් හැදු වැඩූ දෙමාපියන් වටිනා බවයි.



(ඡායාරූප-රොෂාන් පියතිලක )