ගැබිණි කතට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට

Tuesday, 08 March 2016 - 8:09

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය 5 වන දා බොරැල්ල බන්ධනාගාර හන්දිය අසළ දී ගැබිණි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

වැලිගම - මිදිගම ප්‍රදේශයේදී ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු වැලිගම - මිදිගම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔහු ළඟ තිබී ජීව අත්බෝම්බයක් සහ ජංගම දුරකථන 5ක් ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 5 වන දා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී රැඳවියෙකු බලා පිටව යමින් සිටි මෙම ගැබිනි කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු තමන් සමයං නැමති පුද්ගලයාගේ බිරිඳදැයි විමසා වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයට පත්වූ ගැබිණි කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ශල්‍යකර්මයකට භාජනය කෙරුණු ඇගේ කුස තුල සිටින දරුවාට හානියක් සිදුවී නොමැති බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සදහන් කළේ.

මේ අතර, පසුගිය මාර්තු 2 වන දා බන්ධනාගාර බස් රියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා සිටි දෙමටගොඩ චමින්ද නැමැත්තා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහු ඊයේ සිට ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට මාරු කර ඇති බව සදහන්.