වකුගඩු ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Tuesday, 08 March 2016 - 8:17

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වකුගඩු රෝගය පැතිරීම සම්බන්ධයෙන් තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ රැස්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණා.

එහිදී හෙළි වුණේ වසරකට ශ්‍රී ලංකාවෙන් වකුගඩු රෝගීන් 5000ක් පමණ වාර්තා වන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදුන්නේ ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙසයි.