උතුරු කොරියානු තර්ජනයට රුසියාව පිබිදෙයි

Tuesday, 08 March 2016 - 9:42

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සතුරු තර්ජන වැළැක්වීම සඳහා න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව සිදුකර ඇති තර්ජනය කිසිසේත් පිළිගත නොහැකි බව රුසියාව පවසනවා.

උතුරු කොරියාව ප්‍රකාශ කළේ දකුණු කොරියාවට සහ ඇමරිකාවට එරෙහිව එවැනි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවයි.

කෙසේ නමුත්, උතුරු කොරියාවේ එම තර්ජනාත්මක ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවේ මතයට පටහැනි බව පවසන රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

එමගින් උතුරු කොරියාවට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයකට නීතිමය පදනමක් සැලසෙන බවයි.

උතුරු කොරියාවේ සමීප හිතවතෙකු වන රුසියාව සිදුකළ මෙම ප්‍රකාශය විශේෂ වැදගත්කමකින් යුක්ත බව විදෙස් වාර්තා සඳහන් කළා.