අමාත්‍ය ඩී.වී. උපුල් පොලීසියට භාර වෙයි

Tuesday, 08 March 2016 - 10:28

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A9%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා එල්ල වූ දකුණු පළාත් අමාත්‍ය ඞී.වී. උපුල් මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාම පොලීසිය වෙත භාර වී තිබෙනවා.

සැකකාර අමාත්‍යවරයා මෙලෙස පහරදුන් බවට චෝදනා කළේ ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 5 වන දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පැවැති ජංගම සහන සේවා වැඩසටහනක් අතරතුර පළාත් අමාත්‍යවරයා තමාට පහර දුන් බවයි ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.