හිටපු ජනපති ආර්යාව දේව කන්නලව්වක

Tuesday, 08 March 2016 - 12:53

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A
ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ ද අද විශේෂ උත්සවයක් එම පක්ෂ මූලස්ථානයේදී සංවිධාන කර තිබුණා. ඒ,  හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කළේ හොරු එළවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවූ බවයි.

මේ අතර, එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ නියෝජිතයින් අද නවගමුව සත් පත්තිනි දේවාලයේදී දේව කන්නලව්වක නිරත වුණා.

එම අවස්ථාවට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්වීම විශේෂත්වයක්.  

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ නව  රජයක් පිහිටුවීම සඳහා පත්තිනි මෑනියන්ගේ පිහිට ලබාගැනීමට කටයුතු කළ බවයි.

මේ අතර අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය මුල් කරගනිමින් කාන්තා සංවිධාන කිහිපයක් අද මඩකලපුව ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.

ඒ, කාන්තා හිංසනය වළක්වන්නැයි බල කරමින්.

ගෘහස්ත කම්කරු සංගමය පාර්ලිමේන්තු වට රවුමේදි නිහඩ විරෝධතාවක නිරතවූ අතර, නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානයද කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොළඹ - කොටුවේදී විශේෂ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක නිරතවුණා.