යෝෂිතගේ ඇප අයදුම පිළිබඳ තීරණය ලබන 14 වන දා

Tuesday, 08 March 2016 - 13:13

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+14+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 5 දෙනාගේ ඇප අයදුම සම්බන්ධයෙන් තීරණය ලබන 14 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව අද ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළ පෙත්සම් අද සලකා බැලූණු අවස්ථාවේදියි.

සී.එස්.එන් නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපල යොදා ගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අදත්  නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කළු ලෝගුවෙන් සැරසී අධිකරණයට පැමිණ සිටියා.