අසාද් සාලි ඉල්ලා අස් වෙයි

Tuesday, 08 March 2016 - 13:30

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසාද් සාලි සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් සභාවේ ලේකම්වරයා වෙත යොමු කළ බවයි.

තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් කබීර් හෂීම් වෙත ලිපියක් මගින් මීට පෙර දැනුම් දී තිබූ බව ඔහු සදහන් කළා.

එහෙත් ඔවුන් අදාළ ලිපිය පළාත් සභාවේ ලේකම්වරයා වෙත යොමු නොකළ නිසා තමන් ඒ බව ලේකම්වරයා වෙත දැනුම් දුන් බවයි අසාද් සාලි කියා සිටියේ.