අගමැතිගෙන් බදු ගැන විශේෂ ප්‍රකාශයක්

Tuesday, 08 March 2016 - 15:07

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. අගයන් දෙකක්ව පැවති වැට් බද්ද තනි අගයකට ගෙන ඒම පවතින ආර්ථික තත්ත්වයට හිතකර බවයි ඔහු එහිදී සඳහන් කළේ.

එසේම ප්‍රාග්ධන ඉපයුම් මත බද්ද යළි පනවන බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ව්‍යවස්ථාපිත ආදායම් මත බද්ද සියයට 15 සිට 17.5 දක්වා ඉහළ නංවන බව කියා සිටියා.

ලෝක ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ රට සිරවී ඇති ණය උගුලෙන් මිදීම සඳහා මෙම තීරණ ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්‍ෂේත්‍රවලට අදාළව ලබාදී තිබූ බදු සහනද ඉවත් කර තිබෙනවා.   

මේ අතර බදු සංශෝධන සම්බන්ධයෙන් දෙදිනක පාර්ලිමේන්තු විවාදයක් අත්‍යාවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්න කළ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී කියා සිටියේ ණය ඉල්ලීමක් රජය සිදුකර නොමැති බවයි.