සෞදියේ සිරගතව සිටින සැමියා ගෙන්වා දෙන්නැයි බිරිඳ ඉල්ලයි

Wednesday, 09 March 2016 - 12:52

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වසර 4ක් තිස්සේ සිරගතව සිටින තම සැමියාට නිදහස ලබා ගැනීමට සහාය වන ලෙස මාතර - මොරවක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

2012 වසරේ ජනවාරි 22 වන දා සෞදි අරාබියේ රියදුරු රැකියාවක් සඳහා ගිය මොහු මාරක රිය අනතුරකට සම්බන්ධ වී ඇත්තේ එම වසරේ සැප්තැම්බර් 18 වන දායි.

මූලික නඩු විභාගයකින් අනතුරුව මොහු නිදහස් කළත් අනතුරෙන් මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ අභියාචනයක් නිසා නැවතත් සිරගත කර ඇති අතර ඔහුට මරණ දඩුවම ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි එම ශ්‍රී ලාංකිකයාගේ බිරිඳ දිලානි දුලක්ෂිකා කුමාරි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප විදේ්ශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් ඒ පිළිබදව තොරතුරු සොයා බලන බවයි.

මෙලෙස සෞදි අරාබියේ ශ්‍රී ලාංකික රියදුරෙකු දිගු කලක් සිරගතව සිටීමේ සිද්ධිය විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළා.