මන්ත්‍රී නාමල්ට නඩු

Wednesday, 09 March 2016 - 13:11

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට සහ ආයතන දෙකකට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සේවා සපයන ආයතනයක් රුපියල් කෝටි 12කට මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින්.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේ චෝදනා එල්ල වී ඇති ආයතන දෙකට අයත් බැංකු සහ මූල්‍ය ආයතන 4ක ඇති ගිණුම් අත්හිටුවන ලෙසයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හැර සෙසු පුද්ගලයන් 7 දෙනාට රටින් පිටවීම තහනම් කිරීමේ නියෝගයක් ද පනවනු ලැබුවා.