ලාංකික කාන්තාවකට කුවේටයේ දී මරණ දඩුවම

Wednesday, 09 March 2016 - 13:27

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93++%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකික කාන්තාවකට සහ ඉන්දීය ජාතිකයන් 3 දෙනෙකුට කුවේට අපරාධ අධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඉන්දියානුවන් කේරළ ප්‍රාන්තයෙන් පැමිණි අය වන අතර ඔවුන් මෙම ශ්‍රී ලාංකික කාන්තාව සමඟ එක්ව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත වී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබූයේ ඉන් අනතුරුවයි.

 මරණ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා මොවුන්ට දින 30ක කාලසීමාවක් පවතින බව කුවේට් ටයිම්ස් පුවත්පත සදහන් කළා.