තුන්කොන් ප්‍රේමයේ අවසානය මරණය

Wednesday, 09 March 2016 - 16:30

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 15 හැවිරිදි දැරියක් දුෂණය කර ඝාතනය කල සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සහ මෙම දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවක් ද පැවති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

දුෂණය කිරීමෙන් පසු දැරියගේ සිරුරට සැකකරු විසින් ගිනි තබා තිබෙනවා.

එහිදී ඇතිවු බරපතල තුවාල හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි දැරිය ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

ඇයගේ සිරුරෙන් 95 % ක් පමණ පිලිස්සී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබෙනවා.

දැරියක් දුෂණය කිරීම සහ මනුෂ්‍ය ඝාතනය යන චෝදනා යටතේ සැකකරුට නඩු පැවරීමට නියමිතයි.

පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ මෙම තවත් තරුණයෙකු සමග ද ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

15 හැවිරිදි දැරියගේ මරණය හේතුවෙන් ඇය පදිංචි ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබෙනවා.