ෆේස් බුක් මිළදී ගත් නව ජංගම යෙදවුම

Thursday, 10 March 2016 - 9:01

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%B8
ෆේස් බුක් සමාගම නව ජංගම යෙදවුමක් හෙවත් (app) එකක් මිළදී ගෙන තිබෙනවා.

ඒ මෑත කාලීනව වඩාත් ජනප්‍රිය වී ඇති මුහුණු හුවමාරු කිරීමේ ජංගම යෙදවුමයි.

( MSQRD) ලෙස එය හඳුන්වා තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මිතුරු මිතුරියන්ගේ මුහුණු හුවමාරු කර ඡායාරූප ලබා ගැනීමට මෙන්ම විවිධ වෙනස්කම් සහිත සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති.

මෙම ජංගම යෙදවුම මගින් සජීවී වීඩියෝ මෙන්ම මුහුණේ ස්වරූපය සම්පුර්ණයෙන්ම වෙනස්වන ආකාරයේ ඡායාරූප ගැනීමට ද හැකියාව පවතිනවා. අදාළ යෙදවුම නිපදවු මස්කරේඩ් සමාගම සඳහන් කලේ ෆේස් බුක් සමාගම සමග එක්වීමට ලැබීම පුදුමයට කරුණක් වු බවයි.

සමාගම් දෙකම එක්ව ෆේස්බුක් පරිශීලකයන්ට වඩාත් වැදගත් සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් පවතින බව ද මස්කරේඩ් සමාගම ප්‍රකාශකර තිබෙනවා.