යෝෂිත ඇතුලූ පස්දෙනා යළිත් රිමාන්ඩ්

Thursday, 10 March 2016 - 10:40

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මේ මස 24 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද නියෝග කළා.

ඒ, සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදියි.

යෝෂිත රාජපක්ෂට අමතරව මෙලෙස යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට, සී.එස්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග, අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ අශාන් ප්‍රනාන්දු යන අයයි.

සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදා ගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් යටතේ යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගියදා අත්අඩංගුවට ගත්තා.

අද දිනයේ නඩු විභාගය සිදුවන ආකාරය පිළිබඳව දැකබලා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුලූ පිරිසක් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.