උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලයි

Thursday, 10 March 2016 - 10:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාව තවත් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාවේ දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 500 ක් දුරට මෙම මිසයිල දෙකක පතිත කර  ඇති බවයි.

මීට පෙර අවස්ථා ගණනාවකදී උතුරු කොරියාව දිගුදුර සහ කෙටි දුර මිසයිල අත්හදාබලනු ලැබුවා.

එම අත්හදාබැලීම් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර උතුරු කොරියාව සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක තවදුරටත් තර කිරීමටයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය පියවර ගත්තේ.