දුරකථනයක් සහ යතුරුපැදියක් ගන්න දින 18 බිළිඳාට කරපු දේ

Thursday, 10 March 2016 - 12:14

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+18+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
නවීන ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් මිළදී ගැනීමට තම කුඩා බිළිඳා අලෙවි කල යුවළක් පිළිබඳ චීනයෙන් වාර්තා වනවා.

19 හැවිරිදි මෙම තරුණ යුවළ දුරකථනයක් සහ යතුරුපැදියක් මිළදී ගැනීම වෙනුවෙන් දින 18 ක් වයසැති බිළිඳා සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ අලෙවි කිරීමට සුදානම් වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

යුආන් 23000 ක මුදලකට එනම් ඩාලර් 4700 ක් වැනි මුදලක් ඔවුන් බිළිඳා අලෙවි කිරීමෙන් අපේක්ෂා කර තිබෙනවා.

තවත් චීන ජාතිකයකු විසින් දරුවා මිළදී ගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ හේතුවෙන් එම බිළිඳා මේවන විට මිළදී ගත් පුද්ගලයාගේ නැගෙණිය භාරයේ සිටින බව සඳහන්.

මෙම බිළිඳාගේ මව ප්‍රකාශ කර ඇත්තේ තමා ද කුඩා කාලයේදී දෙමව්පියන් විසින් හදා වඩා ගැනීමට වෙනත් යුවළකට ලබාදී තිබු බවයි.

එබැවින් දින 18 ක් වයසැති තම බිළිඳා ද හදාවඩා ගැනීම වෙනුවෙන් වෙනත් අයෙකුට ලබාදුන් බවයි ඇය කියාසිටියේ.

එය සැබවින්ම නීති විරෝධී බව තමන් දැන නොසිටි බව ද 19 හැවිරිදි කාන්තාව ප්‍රකාශකර තිබෙනවා.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ වාර්ෂිකව අන්තර්ජාලය ඔස්සේ චීනයේ ළමුන් විශාල පිරිසක් අලෙවි වන බවයි.

එය නීති විරෝධී කටයුත්තක් වුව ද එවැනි ගනුදෙනු තවමත් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.