හිරිහැර සහ පීඩාවලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

Thursday, 10 March 2016 - 13:25

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
විවිධ හිරිහැරවලට සහ පීඩාවන්ට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබඳව සොයාබලා ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ 2005 වසරේ ජනවාරියේ සිට 2015 වසරේ ජනවාරි දක්වා කාල පරිඡේදය තුළ මාධ්‍යවේදියෙකු ලෙස සේවයේ නිරතව සිටියදී වදහිංසාවලට ලක්ව ඇත්නම් මෙම කමිටුව යටතේ සහන සැළසෙන බවයි.

ඒ අනුව තමන්ට සිදුවූ හිරිහැර සහ අසාධාරණ පිළිබඳව තොරතුරු සනාථ කළ හැකි සියලූම දත්ත සහ තොරතුරු ජනාධිපති කාර්යාලය වෙත භාරදිය හැකි බවද සඳහන්.