කටුනායකින් පැන්නූ කෝටියක මත්පැන් සමඟ 3ක් දැලේ

Thursday, 10 March 2016 - 16:35

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් 980 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව සහ කටුනායක ප්‍රදේශවල නිවාස තුළ සාදා ඇති යකඩ කුටි තුළ සූක්‍ෂමව සඟවා තිබූ මෙම මත්පැන් බෝතල් කටුනායක ගුවන්තොටුපල තීරුබදු රහිත වෙළඳසැලකින් මිලට ගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අධික මිල ගණන් යටතේ මෙම මත්පැන් බෝතල් තැරැව්කරුවන් හරහා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල උත්සව අවස්ථා සඳහා ලබාදී ඇති බව ද එහිදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් හෙට මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.