මන්ත්‍රීවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ?

Thursday, 10 March 2016 - 20:10

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේ සොරකම් කළ මුදල් රුපියල් බිලියන දහසක් පමණ මේ වන විට සොයා ගැනිමට හැකි වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ සම්න්ත්‍රණ ශාලාවේ අද පැවති වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාවගේ ජීවන තත්වය නගා සිටුවීමේ පස් අවුරුදු සැලැස්ම එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

අදාළ සැලැස්ම සදහා වත්මන් ආණ්ඩුව වෙන්කර ඇති මුදල මෙන් 21 ගුණයක මුදලක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සොරකම් කර ඇති බව දැනට සොයගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම, එම මුදල් ඉතිරි කිරීමට හැකිවූයේ නම් මෙවැනි ව්‍යාපෘති තවත් රැසක් දියත් කිරීමට හැකිවන බවයි පෙන්වා දුන්නේ.

තවද යාපනයේ නිවාස නොසැදූ පසුගිය ආණ්ඩුව මාලිගා තැනීමට ප්‍රමුඛත්වය ලබාදුන් බවද වැඩිදුරටත් කියා සිටියා.

යුද සමයේ හමුදාව සොයාගත් රත්‍රං පිළිබද සහ අනෙකුත් සොරකම් පිළිබද පරික්ෂණ අවසන් වූ පසු ඇතැම් විට පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සිදුවන්නේ ඇමතිවරයෙකුට නොව මන්ත්‍රීවරයෙකුට එරෙහිව විය හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉඟි පළ කළා.



මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More